CineVibes
Initializing Experience...
Initializing Experience...

Patrick Jane කියන්නේ සාමාන්‍ය consultant කෙනෙක් නෙමෙයි. මිනිස්සුන්ගේ හැසිරීම්, කතා කරන විදිහ සහ පොඩිම පොඩි details පවා බලලා කෙනෙක්ගේ හිත ඇතුළේ තියෙන දේ තේරුම්ගන්න පුළුවන් මාරම sharp මොළයක් තියෙන මනුස්සයෙක්. කලින් psychic කෙනෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටපු Jane, තමන්ගේම ජීවිතය කණපිට හරවන බිහිසුණු සිදුවීමකට පස්සේ California Bureau of Investigation එකේ consultant කෙනෙක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. එතනදී Lisbon ඇතුළු team එකත් එක්ක එකතු වෙලා, පොලිසියට විසඳගන්න අමාරු වෙන murder cases එකින් එක තමන්ගේ අමුතුම ක්‍රමවලින් විසඳන්න ඔහු පටන් ගන්නවා.
හැබැයි Janeගේ මේ හැකියාවන් පිටුපස තියෙන්නේ සාමාන්‍ය curiosity එකක් විතරක් නෙමෙයි. ඔහුගේ අතීතයට සම්බන්ධ වෙලා තියෙන Red John කියන බිහිසුණු serial killer කෙනෙක්ව හොයාගැනීම තමයි ඔහුගේ ඇත්තම අරමුණ. ඒ නිසා හැම case එකක්ම විසඳන අතරේ Jane තමන්ගේම පෞද්ගලික ගේමකුත් සෙමින් ඉස්සරහට අරගෙන යනවා. මිනිස්සුන්ගේ හිත කියවලා, බොරුකාරයෝ අල්ලලා, killerලා තමන්ගේම trap එකට අහුවෙන විදිහට game එක play කරන Patrick Janeට අන්තිමට තමන් හොයන Red Johnව හොයාගන්න පුළුවන් වෙයිද මචංලා? නැත්නම් මේ game එකේදී Janeම තමන්ගේ හතුරාගේ trap එකකට අහුවෙයිද කියලා බලන්නම වෙනවා.
Be the first to comment!