CineVibes
Initializing Experience...
Initializing Experience...



සාමාන්‍ය ප්‍රශ්න එක්ක ඔහේ කාලය කාපු යාළුවෝ හතරදෙනෙක්ට හීනෙකින්වත් නොහිතපු දෙයක් වෙනවා. එකපාරටම මතු වෙච්ච අද්භූත පෝටල් එකකින් මුන් හතරදෙනාව ඇදලා ගන්නවා පුදුමාකාර, කොටු කොටු ලෝකෙකට! මේක නිකන්ම නිකන් තැනක් නෙවෙයි, හිතාගන්නවත් බැරි විදියේ මැජික් පිරුණු, හැමදේම කොටු හැඩයෙන් තියෙන පට්ටම අමුතු ඕවර්වර්ල්ඩ් කියන ලෝකය. තමන්ගේ සාමාන්‍ය ජීවිතවලින් මේ අමුතුම මානයට වැටුණු මේ සෙට් එකට ආපහු තමන්ගේ ගෙවල්වලට යන්න නම් මේ ලෝකේ රීති ඉගෙනගන්නම වෙනවා.
ඔය අස්සේ තමයි මුන්ට මේ ලෝකේ සුපිරිම වැඩ්ඩෙක් වෙන ස්ටීව්ව හම්බවෙන්නේ. ස්ටීව් එක්ක එකතු වෙලා, මේ අමුතු පරිසරයේ බේරිලා ඉන්න නම් විවිධ දේවල් හදන්න, ක්‍රාෆ්ට් කරන්න මුන්ට ඉගෙනගන්න වෙනවා. හැබැයි මේ ගමන ලේසි වෙන්නේ නෑ, මොකද හැම අස්සකින්ම මතු වෙන භයානක ක්රීපර්ස්ලා වගේ අමුතු සත්තුන්ගෙන් බේරිලා, මේ මැජික් ලෝකෙන් ආපහු ගෙදර යන්න මුන්ට පුළුවන් වෙයිද? නැත්නම් මේ කොටු ලෝකෙම සදහටම හිරවෙන්න වෙයිද? පිස්සු හැදෙන සුපිරි ඇඩ්වෙන්චර් එකක් බලන්න දැන්ම සෙට් වෙන්න මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















