CineVibes
Initializing Experience...
Initializing Experience...



80 දශකයේ අග භාගයයි 90 දශකයේ මුල් භාගයයි කියන්නේ අපේ රටේ ඉතිහාසයේ ලියවුණු කළුම කළු යුගයක්නේ මචංලා. දේශපාලන කලබල, භීෂණය, හැමතැනම තිබුණු අසහනය එක්ක මුළු රටම ගිනිගෙන අළු වෙන්න ඔන්න මෙන්න වගේ තිබුණු ඒ කාලේ සිද්ධ වෙච්ච, ඇත්තටම සිද්ධ වුණා කියලා හිතෙන පට්ටම කතාවක් තමයි මේකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. මුළු සමාජයම බයෙන් ගැහි ගැහි හිටපු ඒ කාලකන්නි දේශපාලන ක්රීඩාව අස්සේ හැංගුණු අඳුරු රහස් ටිකක් මේකෙන් එළියට එනවා.
මුළු රටේම අනාගතය තීරණය කරපු ඒ දරුණු කාලේ ජීවිත බේරගන්න මිනිස්සු කරපු සටනයි, බලය වෙනුවෙන් පිටුපසින් ක්රියාත්මක වුණු කුමන්ත්රණයි දකිද්දී පිස්සු හැදෙනවා. මේ හැමදේම මැද්දේ සිද්ධ වෙන සිදුවීම් මාලාව ඔයාලව අන්තිම තත්පරය වෙනකම්ම ගැස්සිලා යන විදිහට කුතුහලයෙන් තියනවා අනිවාරෙන්. ඉතින් මේ දරුණු දේශපාලන සුළි සුළඟට අහුවෙච්ච මිනිස්සුන්ට අවසානයේ මොන වගේ ඉරණමකටද මුහුණ දෙන්න වෙන්නේ? මේ මරණයේ සෙල්ලමෙන් බේරෙන්න කාට හරි පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.





