CineVibes
Initializing Experience...
Initializing Experience...



ගමේ අහිංසක විදිහට හිටපු ගොවියෙක්ගේ පුතෙක්ට සිද්ධ වෙන අසාධාරණයක් නිසා ගම අතඇරලා නගරෙට එන්න වෙනවා. හැබැයි නගරෙට ආපු මේ කොල්ලා ලෙහෙසියෙන් පරාජය බාරගන්නේ නෑ. තමන්ගේම කියලා බලයක් හදාගෙන මුළු නගරෙම හොල්ලන භයානකම පාතාල නායකයෙක් බවට පත්වෙනවා. සල්ලි, බලය කියන හැමදේම තමන්ගේ අතට ගෙනෙද්දී මේ පාතාල සෙල්ලම ලේ විලකින් කෙළවර වෙන්නයි යන්නේ.
හැබැයි මේ සෙල්ලම වැඩි කල් දාන්න හම්බෙන්නේ නෑ, මොකද පාතාලේ එකෙක්ටවත් සමාවක් දෙන්නේ නැති, කිසිම දේකට බය නැති සුපිරි පොලිස් නිලධාරියෙක් මෙයාට එරෙහිව රිංගනවා. එක පැත්තකින් මුළු නගරෙම පාලනය කරන පාතාල නායකයා, අනිත් පැත්තෙන් නීතිය අකුරටම ඉෂ්ට කරන පිස්සු හැදෙන පොලිස් කාරයා. මේ මාරාන්තික සටනෙන් අන්තිමට ජයගන්නේ කවුද? පාතාල නායකයාට පුළුවන් වෙයිද නීතියේ දැලෙන් බේරෙන්න?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















