CineVibes
Initializing Experience...
Initializing Experience...



1950 කොරියානු යුද්ධය දරුණුවටම යන වෙලාවක, කිසිම හමුදා පුහුණුවක් නැති, වයස 17-18 වගේ පාසල් යන වයසේ කොල්ලෝ 772ක් එකපාරටම යුද පිටියට ඇදලා දානවා. මුළු යුද්ධයේම ඉරණම වෙනස් කරන්න හදන ජෙනරාල් මැක්ආතර්ගේ රහස් සැලසුමකට අනුව, සතුරන්ව රවට්ටන්න මේ අහිංසක කොල්ලෝ ටිකව යවන්නේ මරණයේ මුවවිටටමයි. කිසිම ලෑස්තියක් නැතුව, ජීවිතේ පළවෙනි වතාවට අතට ගත්ත තුවක්කුත් එක්ක ජැංසාරි වෙරළට ගොඩබහින මේ පොඩි කොල්ලන්ට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්නවත් බැරි ලේ වැගිරීම්වලටයි.
"Operation Chromite" එක බලපු කට්ටියට මතක ඇතිනේ ඒකේ තිබ්බ ගැම්ම. අන්න ඒ වගේම සුපිරිම කතාවක් තමයි මේකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ යාළුවෝ තමන්ගේ ඇස් ඉස්සරහම මැරිලා වැටෙද්දී, බය කියන දේ පැත්තක දාලා මේ කොල්ලෝ ටික එකතු වෙලා කරන සටන දැක්කම ඇඟ කිලිපොලා යනවා මචංලා. පිස්සු හැදෙන සටන් දර්ශන එක්ක කඳුළු පනින සුපිරිම යාළුකමක් මේකේ තියෙනවා. ඉතින් සතුරන්ගේ දරුණු ප්‍රහාර මැද්දේ මේ අහිංසක කොල්ලෝ 772ට තමන්ගේ රට වෙනුවෙන් මේ මෙහෙයුම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද? නැත්නම් හැමෝම ඒ වෙරළෙම අවසන් ගමන් යයිද? දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලාම බලන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















