CineVibes
Initializing Experience...
Initializing Experience...



පණ වගේ ආදරේ කරපු බිරිඳ සූ-ආ මියයන්න කලින් එයාගේ පොඩි පුතා ජී-හෝටයි, සැමියා වූ-ජින්ටයි පුදුම පොරොන්දුවක් දෙනවා. ඒ තමයි හරියටම අවුරුද්දකින් වහින කාලෙට එයා ආයෙමත් එයාලා ළඟට එනවා කියන එක. හැමෝම හිතුවේ ඒක හිත හදන්න කියපු කතාවක් කියලා. හැබැයි පුදුම වැඩක් වෙන්නේ, අවුරුද්දකට පස්සේ ඇත්තටම වැස්ස වහින්න ගත්තම සූ-ආ එයාලා ඉස්සරහට එනවා! හැබැයි අදහන්නත් බැරි ප්‍රශ්නයක් තියෙනවා; තමන් පණ ඇරලා ආදරේ කරපු සැමියාවයි, ආදරණීය පුතාවයි සූ-ආට දැන් පොඩ්ඩක්වත් මතක නැහැ.
මේක නිකන්ම ආදර කතාවක් නෙවෙයි මචංලා, හදවතටම දැනෙන, පිස්සු හැදෙන පට්ටම ෆීලින් එකක් තියෙන සුපිරි කොරියන් ෆිල්ම් එකක්. තමන්ගේ ආදරේ ආයෙමත් මතක් කරලා දෙන්න මේ තාත්තයි පුතයි ගන්න උත්සාහය දකිද්දී ඇස්වලට කඳුළු එනවා අනිවාරෙන්. හැබැයි වැස්ස කාලේ ඉවර වුණාම සූ-ආට මොකද වෙන්නේ? එයා ආයෙමත් යන්න යයිද, නැත්නම් හැමදාටම එයාලා ළඟ නවතීද? මේ ලස්සන ආදර කතාවේ ඇත්තම රහස මොකක්ද කියලා දැනගන්න දැන්ම සෙට් වෙන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















