CineVibes
Initializing Experience...
Initializing Experience...



ජෝකර්ගෙන් වෙන් වෙලා තනියම පිස්සු කෙළ කෙළ හිටපු අපේ සුපිරි පිස්සී, හාර්ලි ක්වීන් අලුත්ම අවුලක පැටලෙනවා. පොඩි කෙල්ලෙක් ගෝතම් සිටි එකේ දරුණුම අපරාධ කල්ලි නායකයෙක්ගෙන් පට්ට වටිනා දියමන්තියක් හොරකම් කරනවා. මේ නිසා මුළු පාතාලෙම මේ පොඩි කෙල්ලව මරලා දියමන්තිය ගන්න පස්සෙන් පන්නනවා. ඉතින් හාර්ලි මේ කෙල්ලව බේරගන්න තීරණය කරලා, තවත් සුපිරි කෙල්ලෝ සෙට් එකක් එක්ක එකතු වෙනවා. සින්දු කියන කෙල්ලෙක්, මාරක ඝාතකයෙක් සහ පොලිස් රහස් පරීක්ෂකවරියක් එකතු වෙලා මේ අහිංසක කෙල්ල වෙනුවෙන් මුළු පාතාලෙටම විරුද්ධව සුපිරි ගේමක් පටන් ගන්නවා.
මුළු ඇඟම හිරිවැටෙන ෆයිට් සීන්, පිස්සු හැදෙන කොමඩි කෑලි සහ නොනන්වන ඇක්ෂන් එක්ක මේක නම් අනිවාරෙන් බලන්න ඕනේ පට්ටම ෆිල්ම් එකක් මචංලා. හාර්ලිගේ මේ අලුත් ගෑනු කල්ලියට ගෝතම් සිටි එකේ ලොකුම මැරයා එක්ක හැප්පිලා මේ පොඩි කෙල්ලව බේරගන්න පුළුවන් වෙයිද? මුළු නගරයක්ම මේ කෙල්ලෝ ටික පස්සෙන් පන්නද්දී මුන්ට මේකෙන් බේරෙන්න පුළුවන් වෙයිද? දැනගන්න දැන්ම සෙට් වෙන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















