CineVibes
Initializing Experience...
Initializing Experience...



Girlfriend එක්ක ලස්සන lakeside house එකකට romantic weekend එකක් ගත කරන්න ගියාම, එතනට තවත් couple එකක් ඇවිල්ලා ඒ ගෙදරම තමන්ටත් book කරලා තියෙනවා කියලා. මුලින් මේක පොඩි booking mistake එකක් වගේ පේන නිසා Sageටයි Diegoටයි අලුතෙන් හම්බවුණු මේ දෙන්නත් එක්ක weekend එක share කරගන්න සිද්ධ වෙනවා. හැබැයි ටිකෙන් ටික මේ අමුතු couple එක ගැන පොඩි පොඩි සැක මතුවෙන්න පටන් ගන්නවා. ඒ මදිවට Bone Lake කියන මේ තැන වටා තියෙන අඳුරු අතීත කතාවත් එළියට එද්දී, හොඳට relax වෙන්න හිතාගෙන ආපු මේ trip එක ටිකෙන් ටික වෙනස්ම සීන් එකක් වෙන්න පටන් ගන්නවා.
ගෙදරින් එළියට යන්නත් ලේසි නැති තත්ත්වයක් අතරේ, තමන් එක්ක ඉන්න මේ අමුතු couple එක ගැන ඇත්තටම කොච්චර විශ්වාස කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයත් එයාලා ඉස්සරහට එනවා. එක පැත්තක අඳුරු අතීතයක් තියෙන Bone Lake එක, අනිත් පැත්තෙන් හරියටම තේරුම්ගන්න බැරි මේ අමුත්තෝ දෙන්නා… මේ දෙකම එකට එකතු වෙද්දී Sageටයි Diegoටයි මේ weekend එකෙන් ආරක්ෂිතව ගැලවෙන්න පුළුවන් වෙයිද මචංලා? නැත්නම් මේ trip එක එයාලා හිතපු විදිහට ඉවර නොවෙයිද කියලා බලන්නම වෙනවා.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















