CineVibes
Initializing Experience...
Initializing Experience...



1928 ලොස් ඇන්ජලීස් වල ජීවත් වෙන ක්‍රිස්ටීන් කියන තනි මව වැඩට ගිහින් ගෙදර එද්දි එයාගේ පණ වගේ ආදරේ කරපු පුංචි පුතා ගෙදර නෑ. මුළු පළාතම පෙරලගෙන හෙව්වත් පුතාව හොයාගන්න ලැබෙන්නේ නෑ. හැබැයි මාස පහකට පස්සේ පොලිසියෙන් ලොකු සද්දයක් දාලා කියනවා පුතාව හම්බුනා කියලා. මුළු රටම බලාගෙන ඉද්දි පොලිසිය ගෙනත් දෙන ළමයව දැක්කම ක්‍රිස්ටීන්ට පිස්සු හැදෙනවා. මොකද, ඒ එයාගේ ඇත්තම පුතා නෙවෙයි!
ක්‍රිස්ටීන් මේක පොලිසියට කියද්දි මුළු පොලිස් දෙපාර්තමේන්තුවම එකතු වෙලා මේ අම්මව පිස්සියෙක් කරන්න හදනවා. තමන්ගේ ඇස් ඉස්සරහා ඉන්න බොරු ළමයව තමන්ගේම පුතා කියලා පිළිගන්න කියලා බල කරද්දි, ක්‍රිස්ටීන් තනියම සටන් කරන්න පටන් ගන්නවා. මේ සටන ඇතුලෙන් එලියට එන්නේ මුළු නගරයම හොල්ලන මාරම දූෂණ ජාලයක්. මචංලා, ඇත්තටම ක්‍රිස්ටීන්ගේ ඇත්තම පුතාට මොකද වුනේ? මේ අම්මට තමන්ගේ දරුවව ආයෙමත් ලැබෙයිද? නැත්නම් දූෂිත බලධාරීන් මේ අම්මව සදහටම නිහඬ කරයිද කියලා දැනගන්න දැන්ම සෙට් වෙන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.





















Colm Feore
Chief James E. Davis