CineVibes
Initializing Experience...
Initializing Experience...



Kayaටයි Tessaටයි Julian සහ Xander එක්ක Florida ඉඳන් Bahamas පැත්තට jet ski trip එකක් යන එක මුලින් හිතාගෙන ඉන්නේ පොඩි fun adventure එකක් විතරයි. හැබැයි මුහුද මැදදී සිද්ධ වෙන බිහිසුණු accident එකකින් Julianගේ ජීවිතය නැතිවෙලා, Kaya, Tessa සහ බරපතළ තුවාල ලැබූ Xander විවෘත මුහුද මැද තනි වෙනවා. උදව්වක් නැතුව මුහුදේ බලාපොරොත්තු අතහැරගෙන ඉන්න වෙලාවක Rey කියන fishing boat captain කෙනෙක් එයාලව බේරගන්නවා. මුලින් මේක තමන්ගේ ජීවිත බේරුණු අවස්ථාවක් වගේ පෙනුණත්, boat එකට නැග්ගට පස්සේ Rey ගැනත් එයාලව අරගෙන යන මේ අමුතු ගමන ගැනත් සැක හිතෙන දේවල් එකින් එක මතුවෙන්න පටන් ගන්නවා.
මුහුද මැදින් බේරගත්ත මේ අය ඇත්තටම ගැලවුණාද, නැත්නම් තවත් භයානක තැනකට වැටුණාද කියලා තේරුම්ගන්නත් කලින්, මේ boat එකේ සැඟවුණු අඳුරු රහස එළියට එන්න පටන් ගන්නවා. තමන් වටේ ඉන්න මිනිස්සු ගැනවත් විශ්වාස කරන්න බැරි තත්ත්වයකට පත්වෙද්දී, ජීවිත බේරගන්න නම් Kayaට තමන්ගේ බුද්ධියත් ධෛර්යයත් උපරිමයෙන් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් උදව්වක් බලාගෙන මුහුදට ගිය මේ සෙට් එකට, තමන්ව බේරගන්න ආපු boat එකෙන්ම ආපහු ජීවිතේ බේරගෙන ගොඩට එන්න පුළුවන් වෙයිද මචංලා? නැත්නම් මේ මුහුදු ගමන එයාලගේ ජීවිතේ අමතක නොවන බිහිසුණු nightmare එකක් වෙයිද කියලා බලන්නම වෙනවා.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















