CineVibes
Initializing Experience...
Initializing Experience...



අවුරුදු තිහකට කලින් පෘථිවියට ආපු පිටසක්වලයෝ සෙට් එක, අපේ ලෝකය අල්ලන්න නෙවෙයි ආවේ, බේරෙන්න තැනක් හොයාගෙන. ඒත් මිනිස්සු මේ අසරණ පිටසක්වලයින්ව දකුණු අප්‍රිකාවේ "ඩිස්ට්‍රික්ට් 9" කියන කුණු ගොඩට හිර කරලා අන්තයටම පීඩනයට ලක් කරනවා. MNU කියන දරුණු කොම්පැනියට ඕන කරන්නේ කොහොමහරි උන්ගේ බලවත් ආයුධ තාක්ෂණය විතරක් අතට ගන්න.
මෙන්න මෙතැනදී තමයි පිස්සු හැදෙන වැඩේ වෙන්නේ! මේ කොම්පැනියේ වැඩ කරන විකස් කියන නිලධාරියා අමුතුම වයිරස් එකකට අහු වෙලා, එයාගේ ඩී.එන්.ඒ පිටසක්වලයෙක්ගේ වගේ වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් මුළු කොම්පැනියම මෙයාගේ පස්සෙන් පන්නන්නේ එයාගෙන් ප්‍රයෝජන ගන්න. බේරෙන්න වෙන කිසිම පාරක් නැති වෙනකොට, විකස්ට හැංගෙන්න වෙන්නේ එයාම පාලනය කරන්න හදපු ඩිස්ට්‍රික්ට් 9 ඇතුලෙම විතරයි! මිනිහෙක්ගෙන් පිටසක්වලයෙක් වෙන මේ අසරණයාට ආපහු තමන්ගේ සාමාන්‍ය ජීවිතේට එන්න පුළුවන් වෙයිද, නැත්තම් මේ භයානක කලාපය ඇතුලෙම විනාශ වෙලා යයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.





















Elizabeth Mkandawie
Interviewee