CineVibes
Initializing Experience...
Initializing Experience...



ගිනි, වතුර, පස් වගේම හුලං කියන මූලද්‍රව්‍ය හතරේම කට්ටිය එකට ජීවත් වෙන මාරම ලස්සන නගරයක් තියෙනවා. හැබැයි මේ නගරයේ ලොකුම නීතියක් තියෙනවා, ඒ තමයි එක එක ජාතිවල අය එකට එකතු වෙන්නේ නෑ කියන එක. ඔන්න ඔය අස්සේ තමයි කේන්ති යන, හැඟීම් පාලනය කරගන්න බැරි ගිනි කෙල්ලෙක් වෙන එම්බර්ට, හැමදේම සැහැල්ලුවෙන් හිතන වතුර කොල්ලෙක් වෙන වේඩ්ව හම්බවෙන්නේ. ගින්දරයි වතුරයි කියන්නේ කවදාවත් එකතු වෙන්න බැරි දෙකක් නේද මචංලා?
හැබැයි මේ දෙන්නා එකතු වෙලා වැඩ කරන්න ගත්තම මුළු ලෝකෙම උඩුයටිකුරු වෙන විදියේ පට්ටම සිද්ධි ටිකක් වෙන්න ගන්නවා. තමන්ගේ වෙනස්කම් අස්සේ මේ දෙන්නා අතරේ ඇතිවෙන බැඳීම නිසා මුළු නගරයම ලොකු අනතුරක වැටෙනවා. ගින්දරයි වතුරයි එකතු වුණොත් එක්කෝ ගින්දර නිවෙනවා, නැත්නම් වතුර වාෂ්ප වෙනවා. ඉතින් මේ දෙන්නට තමන්ගේ ආදරේ බේරගෙන මේකෙන් බේරෙන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















