CineVibes
Initializing Experience...
Initializing Experience...



සෝෂල් මීඩියා වල සුපිරිම ෆලෝවර්ස්ලා සෙට් එකක් ඉන්න ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා පස් දෙනෙක් මාරම විදිහට ෆන් එකක් ගන්න හිතාගෙන කැලේක තියෙන රිට්රීට් එකකට යනවා. හැම වෙලාවෙම ෆෝන් එකයි, ලයිව් වීඩියෝස්වලයි එල්ලිලා ඉන්න මේ කට්ටියට ඕන වෙන්නේ එයාලගේ වීඩියෝස්වලට තවත් වීව්ස් ටිකක් වැඩි කරගන්නයි. ඒත් එයාලා හීනෙකින්වත් හිතන්නේ නැහැ මේ කැලේ ඇතුළේ හැංගිලා තියෙන දරුණු රහසක් ගැන. එයාලා අතින් නොදැනුවත්වම ලෝකේ පළවෙනිම වැම්පයර්ව ඇහැරවන්නයි යන්නේ.
නිකන්ම වැම්පයර් කෙනෙක් නෙවෙයි, ලේ පිපාසයෙන් පිස්සු වැටිලා ඉන්න දරුණුම මෘගයෙක් ඉස්සරහා මේ පස්දෙනාට කොටු වෙන්න සිද්ධ වෙනවා. කැමරායි, ෆෝන්ස්වලයි ලයිට්ස් අස්සේ දුවන්න හදන මේ සෙට් එකට මේ මර උගුලෙන් බේරෙන්න පුළුවන් වෙයිද? නැත්නම් මුළු ලෝකෙටම මේක ලයිව් බලන්න ලැබෙන අන්තිම වීඩියෝ එක වෙයිද? පිස්සු හැදෙන සුපිරිම හොරර් එකක් බලන්න දැන්ම සෙට් වෙන්න මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.





