CineVibes
Initializing Experience...
Initializing Experience...



රෑට නින්ද යන්නෙ නැතුව පිස්සු හැදිලා වගේ ඉන්න ඩයල් එකකට හම්බවෙනවා සබන් විකුණන අමුතුම විදියේ පොරක්. මුන් දෙන්නා එකතු වෙලා පට්ට අමුතු විදිහකට තමන්ගේ ඇඟේ තියෙන තරහ, පීඩනය පිටකරන්න ක්රමයක් හොයාගන්නවා. ඒ තමයි රහසිගතව පටන් ගන්න ගහගන්න ක්ලබ් එකක්. හැමෝම රහසින් ඇවිත් මරාගන්න මේ "ෆයිට් ක්ලබ්" එක හැම නගරයකම ලැව්ගින්නක් වගේ පැතිරිලා යන්නේ කාටවත් හිතාගන්න බැරි විදිහටයි.
හැබැයි මේ සෙල්ලම ටිකෙන් ටික දරුණු වෙලා මුළු රටම දෙවනත් කරන මට්ටමට පත්වෙනවා. මේ අතරට මැද්දෙන් පනින අමුතුම කෙල්ලෙක් නිසා මුළු ප්ලෑන් එකම උඩුයටිකුරු වෙලා, පාලනයෙන් තොර වෙලා යනවා. මුන් දෙන්නට මේ විනාශය නවත්තගන්න පුළුවන් වෙයිද? නැත්නම් හැමදේම අළු වෙලාම යයිද? පිස්සු හැදෙන ට්විස්ට් එකක් තියෙන මේ පට්ටම ෆිල්ම් එක දැන්ම සෙට් වෙලා බලලාම හොයාගන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















