CineVibes
Initializing Experience...
Initializing Experience...



සල්ලි ප්‍රශ්න නිසා හොඳටම හිරවෙලා, කරන්න කිසිම දෙයක් නැතුව අසරණ වෙලා ඉන්න තරුණ කපල් එකක් ලාස් වේගාස් යන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගන්න. හැබැයි එහේ ගිහින් තියෙන සේරම සල්ලි පැරදිලා අන්තිම සතයටම හිඟන්නෝ වෙන්න ලං වෙද්දී තමයි මුන්ට පට්ට සල්ලිකාර බිලියනර් කෙනෙක් හම්බවෙන්නේ. මේ සල්ලිකාරයා සැමියාගේ ඇස් ඉස්සරහදීම බිරිඳ එක්ක එක රැයක් ගත කරන්න ඩොලර් මිලියනයක, ඒ කියන්නේ පිස්සු හැදෙන තරම් ලොකු සල්ලි කන්දරාවක ඔෆර් එකක් දානවා.
එක පැත්තකින් මුළු කාලකන්නි ප්‍රශ්න ටික සදහටම ඉවර කරලා ගොඩයන්න පුළුවන් ඩොලර් මිලියනයක්, අනිත් පැත්තෙන් පණ වගේ ආදරේ කරන තමන්ගේ බිරිඳ. මේ වගේ වෙලාවක ඔයාලා නම් මොකද කරන්නේ? අන්තිමේදී සල්ලිවලට තියෙන පෙරේතකමට මුන් දෙන්නා මේ දරුණු සෙල්ලමට කැමති වෙනවා. හැබැයි ඒ එක රැයෙන් පස්සේ මුන්ගේ ආදරේට, මුළු ජීවිතේට මොන වගේ සෙල්ලමක් වෙයිද? සල්ලි ලැබුණත් ආදරේ සදහටම නැතිවෙලා යයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















