CineVibes
Initializing Experience...
Initializing Experience...



ජපන් කාරයින්ට පට්ට ගේමක් දීලා තමන්ගේ රට වෙනුවෙන් සටන් කරපු ඉප් මාස්ටර්, ඊට පස්සේ තමන්ගේ පවුලත් එක්ක හොංකොං වලට එනවා. හැබැයි එහෙ ඇවිල්ලත් එයාගේ කරදර නම් ඉවර වෙන්නේ නෑ. කීයක් හරි හොයාගෙන ඉන්න ඕන හින්දා අපේ ඉප් මෑන් එහෙ වින් චුන් සටන් පන්තියක් පටන් ගත්තත්, හොංකොං වල ඉන්න අනිත් ගුරුවරුන්ට මේක එච්චර අල්ලන්නේ නෑ.
විශේෂයෙන්ම හං ගාර් කියන සටන් ක්රමයේ අතිදක්ෂ මාස්ටර් හං, ඉප් මෑන්ට ලොකු අභියෝගයක් වෙනවා. හොංකොං වල තමන්ගේ සටන් කලාව උගන්වන්න නම් අනිත් හැම මාස්ටර් කෙනෙක්වම පරද්දන්න ඕන කියන නීතිය හින්දා, මේ දෙන්නා අතරේ වෙන ගේම නම් පිස්සු හැදෙනවා මචංලා! ඒ අස්සේ විදේශික බොක්සිං කාරයින්ගෙනුත් ලොකු තර්ජනයක් එනවා. ඉප් මාස්ටර්ට තමන්ගේ සටන් කලාවේ ගෞරවය රැකගෙන මේ හැමෝටම ගේම දෙන්න පුළුවන් වෙයිද? දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















