CineVibes
Initializing Experience...
Initializing Experience...



සුපර්මෑන්ගේ මරණයෙන් පස්සේ මුළු ලෝකයම ලොකු අර්බුදයක වැටිලා ඉන්නකොට, පෘථිවියම අළු දූවිලි කරලා දාන්න පුළුවන් මාරක තර්ජනයක් වෙන ස්ටෙපන්වුල්ෆ් එයාගේ පරාඩීමන්ස්ලා එක්ක මදර් බොක්ස් තුනක් හොයාගෙන පෘථිවියට කඩා වදිනවා. මේ ලෝක විනාශය නවත්තන්න බැට්මෑන් සහ වොන්ඩර් වුමන්ට තනියම බැරි වෙනකොට, ඒ දෙන්නා එකතු වෙලා සුපිරි බලයන් තියෙන අමුතුම සෙට් එකක් එකතු කරගන්න පට්ට ගේමක් දෙනවා.
ඇඟ හිරිවැටෙන වේගයක් තියෙන ෆ්ලෑෂ්, මුහුදට අධිපති ඇක්වාමෑන් සහ භාගයක් රොබෝ කෙනෙක් වුණ සයිබෝග් එකතු වෙලා හදාගන්න මේ සුපිරි ටීම් එකට ස්ටෙපන්වුල්ෆ්ගේ මේ මාරක ප්රහාරය නවත්තන්න පුළුවන් වෙයිද? සුපර්මෑන් නැති අඩුව පුරවලා මුළු ලෝකයම බේරගන්න මේ අයට පුළුවන් වෙයිද, නැත්නම් පෘථිවිය සදහටම විනාශ වෙලා යයිද? දැම්මම සෙට් වෙලා මේ පට්ටම ෆයිට් එක බලන්නකෝ!




















Be the first to comment!