CineVibes
Initializing Experience...
Initializing Experience...



සීතල යුද්ධය දරුණුවටම යන වෙලාවක, කිසිම කෙනෙක් දන්නෙ නැති රහසිගත මිෂන් එකකට ගිය ඇමරිකානු නාවික හමුදාවේ සුපිරි පයිලට් කෙනෙක් හතුරන්ගේ සීමාව ඇතුළෙ තනි වෙනවා. බේරෙන්න කිසිම ක්රමයක් නැතුව, වටෙන්ම සතුරෝ වට කරද්දී මේ පයිලට්ට පණ බේරගන්න නම් සතුරු පිලේම හිටපු, හැසිරීම් ටිකක් අමුතු, පිස්සු වගේ වැඩ කරන පරණ කේ.ජී.බී. (KGB) ඇජන්ට් කෙනෙක් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. මේ නොගැලපෙනම දෙන්නා එකතු වෙලා කරන සෙල්ලම නම් ලේසි වෙන්නෙ නෑ මචංලා.
එක පැත්තකින් මුළු හමුදාවක්ම මුන් දෙන්නව හොයනවා, අනෙක් පැත්තෙන් මේ දෙන්නට දෙන්නා පොඩ්ඩක්වත් විශ්වාස කරන්නත් බෑ. හැම තත්පරේකම මරණය අත ලඟ තියාගෙන, සතුරන්ගෙන් බේරිලා තමන්ගේ රටට පැනගන්න මේ දෙන්නා දාන සුපිරි සෙල්ලම් ටික දැක්කම පිස්සු හැදෙනවා. ඉතින් මේ අමුතු සන්ධානයෙන් ඇමරිකානු පයිලට්ට බේරිලා තමන්ගේ රටට යන්න පුළුවන් වෙයිද? නැත්නම් කේ.ජී.බී. ඇජන්ට් තමන්ගේ වාසියට මුළු ගේම කණපිට ගහයිද? අනිවාරෙන් දැන්ම සෙට් වෙලා බලන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















