CineVibes
Initializing Experience...
Initializing Experience...



තමන්ගේ කෝටිපති බොස්ව ඇස් පනාපිටම මරලා දානවා බලාගෙන ඉන්න වෙන එක කොහොමද? ඒ මදිවට ඒ මිනීමැරුම පිටින් යන්නේ තමන්ගේ ඔළුවටම නම්? මේක තමයි කෝල් රීඩ්ට සිද්ධ වෙන්නේ. තමන්ගේ බොස්ගේ මරණයට පළිගන්න හිතාගෙන කෝල් හොරෙන්ම නැවකට ගොඩවෙන්නේ තනියම ලොකු ගේමක් ගහන්න හිතාගෙන. හැබැයි එතනින් එහාට කෝල්ට මුහුණ දෙන්න වෙන්නේ එසේ මෙසේ සෙල්ලමකට නෙවෙයි.
මේ නැවේ යන අතරතුරේදී මුළු ලෝකෙම හොල්ලන්න පුළුවන් මාරම කුමන්ත්රණයක් ගැන කෝල්ට දැනගන්න ලැබෙනවා. හැම පැත්තකින්ම සතුරෝ වටවෙලා, බේරෙන්න කිසිම පාරක් නැතිව නැවක් ඇතුළේ කොටුවුණු කෝල්ට තමන්ගේ පළිගැනීම සම්පූර්ණ කරන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ දරුණු කුමන්ත්රණයේ තවත් එක ගොදුරක් විතරක් වෙලා කෝල්ටත් මැරෙන්න වෙයිද? පිස්සු හැදෙන ඇක්ෂන් ටිකක් බලාගන්න දැන්ම සෙට් වෙන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















