CineVibes
Initializing Experience...
Initializing Experience...



ජොබ් එකක් නැතුව වේලි වේලි ඉන්න ලූ බ්ලූම් කියන අමුතුම ඩයල් එකට දවසක් රෑක අහම්බෙන් දකින්න ලැබෙනවා පට්ට සිද්ධියක්. ඒ තමයි අනතුරක් වෙච්ච තැනකට ඇවිත් ඒක වීඩියෝ කරලා ටීවී චැනල්වලට විකුණන සෙට් එකක්. මේකෙන් ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් කියලා හිතන ලූ, කැමරාවක් අරන් රෑ තිස්සේ ලොස් ඇන්ජලීස් නගරයේ සිද්ධ වෙන දරුණුම අපරාධ, මිනීමැරුම් වීඩියෝ කරන්න පටන් ගන්නවා. ටීවී චැනල් එකක ලොක්කෙක් වෙන නීනාගේ උදව්වෙන් ලූගේ මේ අමුතු බිස්නස් එක සුපිරියටම නැගලා යනවා.
හැබැයි සල්ලිත් එක්ක ලැබෙන ප්රසිද්ධිය නිසා ලූට මේක නිකම්ම පිස්සුවක් වෙනවා. එන්න එන්නම දරුණු වීඩියෝ හොයන ලූ, නිකම්ම බලාගෙන ඉන්න කෙනෙක් විතරක් නෙවෙයි, තමන්ගේ වාසියට අපරාධ සිද්ධ වෙන තැන් පවා වෙනස් කරන්න පටන් ගන්නවා. කැමරාව පිටුපස ඉන්න ලූ, තමන්ම හදපු භයානක සෙල්ලමක ප්රධාන චරිතය වෙනකොට එයාට මොන වගේ දේකටද මුහුණ දෙන්න වෙන්නේ? මේ දරුණු සෙල්ලම කෙළවර වෙන්නේ කොහොමද කියලා දැනගන්න දැන්ම සෙට් වෙන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















