CineVibes
Initializing Experience...
Initializing Experience...



අයිරිස් සහ අයිසැක් කියන්නේ අලුතින්ම සෙට් වෙච්ච ජෝඩුවක්. මේ දෙන්නා එයාලගේ පළවෙනි වීකෙන්ඩ් එක ගත කරන්න සුපිරි ට්‍රිප් එකක් යනවා. හැමදේම මාර ලස්සනට, ආදරෙන් ගලාගෙන යනකොට තමයි අයිසැක් කිසිම ගාණක් නැතුව "අපි කපල් එකක් කියලා මම දැනන් හිටියේ නෑනේ" කියලා කියන්නේ. මේක ඇහුණ ගමන් අයිරිස්ට පිස්සු හැදෙනවා. මොකද එයා හිතාගෙන ඉන්නේ අයිසැක් තමයි තමන්ගේ ජීවිතේට ලැබුණු සුපිරිම කෙනා කියලා. ඉතින් අයිසැක් ටිකක් කන්ෆියුස් වෙලා ඉන්නේ කියලා හිතන අයිරිස්, තමන් දෙන්නා කොච්චර ගැළපෙනවද කියලා ඔප්පු කරන්න මාරම විකාර සහගත, පිස්සු වැඩ ටිකක් කරන්න පටන් ගන්නවා.
එන්න එන්නම අයිරිස්ගේ මේ වැඩ සීමාව ඉක්මවා යනවා. අයිසැක්ව තමන්ගේ ළඟ තියාගන්න එයා කරන සෙල්ලම් දැක්කම ඔයාලටත් හිනා යන ගමන්ම පිස්සු හැදෙයි. හැබැයි මේ හැමදේම මැද්දේ අයිසැක්ට මේ කෙල්ලගේ ඇත්තම තත්ත්වය තේරෙයිද? නැත්නම් අයිරිස්ගේ මේ අමුතුම ප්ලෑන් එක සාර්ථක වෙලා අයිසැක්ට ඇත්තටම අයිරිස්ට ආදරේ කරන්න සිද්ධ වෙයිද? මේ පිස්සු ලව් ස්ටෝරි එකේ කෙළවර මොකක් වෙයිද කියලා දැනගන්න දැන්ම සෙට් වෙන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















