CineVibes
Initializing Experience...
Initializing Experience...



පොඩි කාලෙම තමන්ව දාලා ගිය අම්මව හොයාගෙන මාගොට් එයාගේ යාලුවෝ ටිකත් එක්ක යන්නේ පිට ලෝකෙත් එක්ක කිසිම සම්බන්ධයක් නැති, වෙනමම පරණ විදියට ජීවත් වෙන අමිෂ් ගමකට. වීඩියෝ කැමරාත් අරන් ඩොකියුමන්ටරියක් කරන්න හිතාගෙන යන මේ සෙට් එකට මුලදී නම් ඒ ගමේ අයගෙන් පට්ට පිලිගැනීමක් හම්බවෙනවා. හැබැයි ටිකෙන් ටික ඒ ගමේ සිද්ධ වෙන අමුතු සිරිත් විරිත් දැක්කම මාගොට්ලට තේරෙන්න ගන්නවා මේ ගොල්ලෝ මොකක් හරි ලොකු අඳුරු රහසක් හංගනවා කියලා.
කැලේ මැද තියෙන පල්ලිය යටින් ඇහෙන බය හිතෙන සද්ද, රෑට කරන අමුතු පූජා වැඩ එක්ක මුළු සෙට් එකටම පිස්සු හැදෙනවා. අම්මව හොයාගෙන ආපු ගමන මුළු සෙට් එකගෙම මරණ වරෙන්තුව වේගෙන එද්දී, මාගොට්ලට මේ ගමේ ඇත්තම රහස හොයාගෙන පණ බේරගෙන ආපහු යන්න පුළුවන් වෙයිද? Paranormal Activity ෆිල්ම් සීරීස් එකට ආස යාලුවෝ හැමෝම දැම්මම CineVibes.lk එකෙන් මේක බලන්න සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















