CineVibes
Initializing Experience...
Initializing Experience...



ජෙපෙටෝ අතින් නිර්මාණය වුණු පිනෝකියෝ කියන්නේ අපි පොඩි කාලේ අහපු ලස්සන සුරංගනා කතාවේ ඉන්න හුරතල් ලී බෝනික්කා නෙවෙයි මචංලා. මේ යකා පිටිපස්සේ ඉන්න මාරක ක්රිකට් කෙනෙක්ගේ කේලාම් අහලා, තමන්ගේ සහෝදරයා ජේම්ස් වගේ ඇත්තම මනුස්ස ළමයෙක් වෙන්න පිනෝකියෝට මාර පිස්සුවක් හැදෙනවා. හැබැයි ඒක කරන්න මූ තෝරගන්නේ මුළු ඇඟම කිලිපොලා යන ලේ වැකි මෙහෙයුමක්. මිනිස්සුන්ව කෑල්ලෙන් කෑල්ල කපලා තමන්ගේ ඇඟට එකතු කරගෙන ඇත්තම මිනිහෙක් වෙන්න මූ පටන් ගන්න මේ සෙල්ලම නම් අන්තිම දරුණුයි.
මුළු නගරයම බයෙන් හිරිවැටිලා ඉද්දි, ඊළඟට පිනෝකියෝගේ බිහිසුණු පිහියට බෙල්ල තියන්න වෙන්නේ කාටද? මූට තමන්ගේ මේ කුරිරු හීනය හැබෑ කරගෙන ඇත්තම ළමයෙක් වෙන්න ලැබෙයිද, නැත්නම් මේ ලී යක්ෂයාව නවත්තන්න කවුරුහරි ඉදිරිපත් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















