CineVibes
Initializing Experience...
Initializing Experience...



නික්කිගේ මුළු ලෝකයම එකපාරටම කඩන් වැටෙන්නේ ඇස් පනාපිටම එයාගේ ආදරණීය දුවව කවුදෝ පිරිසක් පැහැරගත්තට පස්සේ. තමන්ගේ දුවව බේරගන්න ඕන නිසාම නික්කිට සිද්ධ වෙනවා කිසිම දවසක අඩියක්වත් නොතියපු භයානක පාතාල ලෝකෙකට ඇතුල් වෙන්න. එක පැත්තකින් මුළු පොලිසියමයි මිලිටරි එකයි එයාව මරන්න වගේ පන්නනවා, තව පැත්තකින් දරුණු මැරයෝ. ඒත් තමන්ගේ දරුවා වෙනුවෙන් මේ අම්මා තනියම කරන සටන නම් ඇත්තටම පිස්සු හැදෙනවා.
මුළු ඇඟම හිරිවැටෙන සුපිරිම ඇක්ෂන් සීන් ටිකක් තියෙන මේ පට්ට ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න මචංලා. හැම තත්පරේම හුස්ම හිරවෙන කුතුහලයකින් තමයි කතාව ගලාගෙන යන්නේ. හැමෝම එයාගේ පස්සෙන් පන්නද්දී, හතුරෝ හැමතැනම වටකරන් ඉද්දී නික්කිට තමන්ගේ දුවව පණපිටින් බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් මේක එයාගෙත් අවසානය වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















