CineVibes
Initializing Experience...
Initializing Experience...



මුළු ලෝකෙම සාමය රකින වටිනා පොත හොරකම් කළා කියලා අපේ සුපිරි නාවිකයා සින්බෑඩ් පිට ලොකු බොරු චෝදනාවක් වැටෙනවා. හැබැයි ඇත්තටම මේක කළේ එරිස් කියන කපටි දෙවඟනයි. සින්බෑඩ් මේක බොරුවක් කියලා ඔප්පු කරලා පොත ආපහු ගෙනාවේ නැත්නම්, එයාගේ පණ වගේ ඉන්න පොඩි කාලේ යාළුවා ප්රෝටියස් කුමාරයට මරණ දඬුවම ලැබෙනවා. යාළුවාව බේරගන්න නම් සින්බෑඩ්ට ලෝකයේ කෙළවරටම යන්න වෙනවා.
මේ ගමන ලේසි වෙන්නේ නැහැ, මොකද මුහුද මැදදී සින්බෑඩ්ටයි එයාගේ සෙට් එකටයි මුණගැහෙන දැවැන්ත මුහුදු රක්ෂස්සයෝ සහ මායාවන් එක්ක මාරාන්තික සටනක් කරන්න වෙනවා. පට්ටම ඇනිමේෂන් ටිකක් එක්ක ඇඟ කිලිපොලා යන සුපිරි ඇඩ්වෙන්චර් එකක් තියෙන මේ පිස්සු හැදෙන ෆිල්ම් එක අනිවාරෙන් බලන්න ඕන එකක්. සින්බෑඩ්ට නියමිත වෙලාවට කලින් ලෝකයේ කෙළවරට ගිහින් තමන්ගේ යාළුවාව මරණෙන් බේරගන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















