CineVibes
Initializing Experience...
Initializing Experience...



ට්‍රැවල් බ්ලොග් කරන, ඉන්ස්ටග්‍රෑම් එකේ ලයික්ස්, කමෙන්ට්ස් පස්සේ දුවන සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්සර්ස් සෙට් එකක් සුපිරිම ට්‍රොපිකල් දූපතක අලුතින්ම ඇරපු ලක්ශරී හොටෙල් එකක ලෝන්ච් එකකට යනවා. ලස්සන බීච් එකයි, සුපිරි වීව්ස් ටිකයි දැකලා සෙල්ෆි ගගහා පිස්සුවෙන් වගේ ෆුල් ආතල් එකේ ඉන්න මේ සෙට් එකට හීනෙකින්වත් හිතුණේ නැහැ මේ ලස්සන දූපත ඇතුළේ එයාලව බිලිගන්න බලාගෙන ඉන්න මාරක හතුරෙක් ඉන්නවා කියලා. හොටෙල් එක ඇතුළෙන් එකපාරටම මතු වෙන සයිස් එකෙන් ලොකු, දරුණු විෂ තියෙන මකුළුවෝ රංචුවක් මුළු දූපතම වට කරලා මේ කට්ටියව දඩයම් කරන්න පටන් ගන්නවා.
ෆෝන් එකට සිග්නල් නැති, බේරෙන්න කිසිම ක්‍රමයක් නැති මේ අසරණ වෙච්ච සෙට් එකට දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ පණ බේරගන්න දුවන එක විතරයි. හැම තැනින්ම කඩාගෙන පනින මේ මාරක මකුළුවන්ගෙන් බේරිලා මේ කට්ටියට පණ පිටින් ආපහු තමන්ගේ ගෙවල්වලට යන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ ලස්සන දූපත එයාලගේ අවසාන නැවතුම වෙයිද? පිස්සු හැදෙන සුපිරිම හොරර් ත්‍රිලර් එකක් බලන්න කැමති සෙට් එක දැන්ම මේක බලන්න සෙට් වෙන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.











