CineVibes
Initializing Experience...
Initializing Experience...



ලන්ඩන් නගරයේ බොහොම අහිංසක විදිහට කඩයක් කරගෙන ජීවත් වෙන ක්වාන්ගේ මුළු ලෝකයම එක මොහොතකින් අළු වෙලා යනවා දරුණු බෝම්බ පිපිරීමකින් එයාගේ පණ වගේ හිටපු දුව නැති වුණාම. තමන්ට ආදරේ කරන්න ඉතුරු වෙලා හිටපු එකම කෙනත් නැති වුණාට පස්සේ මේ තාත්තා තීරණය කරනවා දුවගේ මරණයට වගකියන්න ඕනේ හැම එකාගෙන්ම පලිගන්න.
හැබැයි කවුරුත් නොදන්න ක්වාන්ගේ භයානක අතීතය ආයෙත් කරළියට එන්නේ මුළු ලන්ඩන් නගරයම හොල්ලමින්.
දුවව මරපු උන්ව හොයාගෙන යන මේ සුපිරි කැට් ඇන්ඩ් මවුස් ගේම් එකේදී ක්වාන්ට හැප්පෙන්න වෙන්නේ ලොකු දේශපාලන බලයක් තියෙන රජයේ ප්‍රබල නිලධාරියෙක් එක්ක. ජැකී චෑන්ගේ වෙනස්ම විදිහක සිරාම රංගනයක් සහ පිස්සු හැදෙන ෆයිට් සීන්ස් බලාගන්න පුළුවන් මේ පට්ටම ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න.
මුළු රජයකටම සහ දේශපාලන බලයට තනිවම අභියෝග කරන ක්වාන්ට තමන්ගේ දුව වෙනුවෙන් සාධාරණය ඉටු කරලා මේ මාරක උගුලෙන් බේරෙන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















