CineVibes
Initializing Experience...
Initializing Experience...



අඟහරු ලෝකෙට ගියපු රොකට් එකක සෙට් එකට එකපාරටම පට්ට සැර කුණාටුවකට මුහුණ දෙන්න වෙනවා. මේ අකරතැබ්බයෙන් ඇස්ට්රොනොට් මාර්ක් වොට්නි මැරුණා කියලා හිතලා අනිත් යාළුවෝ එයා අතහැරලා ආපහු එන්න පිටත් වෙනවා. ඒත් පිස්සු කියන්නේ මචංලා, මාර්ක් තවම මැරිලා නෑ! එයා විතරක් තනිවෙලා ඉන්නේ කිසිම මනුස්සයෙක් නැති වෙනමම පාළු ලෝකෙක.
කන්න තියෙන්නේ ඩිංගයි, බොන්න වතුර නෑ, පණ බේරගන්න තියෙන ඔක්සිජනුත් ඉවර වේගෙන එන්නේ. හැබැයි මාර්ක් කියන්නේ ලේසියෙන් ගේම අතඅරින පොරක් නෙවෙයි. එයාගේ පට්ට මොළේ පාවිච්චි කරලා අඟහරු උඩ අර්තාපල් පවා වවමින් තනියම ජීවත් වෙන්න මාර ගේමක් ගහනවා. එයා පණ පිටින් ඉන්නවා කියලා පෘථිවියට දැනුම් දීලා බේරෙන්න හදන මේ සුපිරි ගේම ගොඩදාගන්න මාර්ක්ට පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















