CineVibes
Initializing Experience...
Initializing Experience...



අවුරුදු දෙදාහක් තිස්සේ මැටි පිළිමයක් වෙලා වළලලා තිබුණු චීන අධිරාජ්‍යයා ආයෙත් පණ ලැබලා නැගිටින්නේ මුළු ලෝකයම තමන්ගේ අතට ගන්න බලාගෙනයි. හැබැයි මේ මාරක යක්ෂ බලවේගයට විරුද්ධව සටන් කරන්න අපේ සුපිරි වීරයා රික් ඕකොනෙල් එයාගේ බිරිඳයි පුතයි එක්ක එකතු වෙලා මේ පාර අමුතුම සෙල්ලමක් දාන්න ලෑස්ති වෙනවා. චීනයේ හිම කඳු අතරේ සිද්ධ වෙන මේ පට්ට ඇක්ෂන් සෙල්ලම නම් පිස්සු හැදෙන සීන් එකක් මචංලා.
තමන්ගේ ඇඟේ තියෙන අද්භූත බලයෙන් එක එක විදිහේ දරුණු සත්තු වෙන්න වගේම මැටි හමුදාව පණ ගන්වන්න මේ දරුණු අධිරාජ්‍යයාට පුළුවන්. මුළු ලෝකෙම විනාශ කරන්න හදන මේ මමීගෙන් බේරෙන්න අපේ කට්ටියට පුළුවන් වෙයිද? නැත්නම් මුළු ලෝකෙම මේ රජ්ජුරුවන්ගේ වහල්ලු බවට පත්වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















