CineVibes
Initializing Experience...
Initializing Experience...



ලන්ඩන්වල ඉන්න සුපිරිම ලෝයර් කෙනෙක් වෙන මායා මාටින් වෙනදා වගේම එදත් උදේම දුවන්න පටන් ගන්නවා. හැබැයි එක පාරටම එයාගේ ෆෝන් එකට එන එකම එක කෝල් එකකින් මුළු ලෝකයම කඩන් වැටෙනවා. කවුරුහරි එයාගේ පණ වගේ ඉන්න පුතාව පැහැරගෙන! පුතාව ආපහු පණපිටින් ඕන නම් මායාට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි කිසිම තැනක නොනැවතී දිගටම දුවන එක. දුවන ගමන් ෆෝන් එකෙන් දෙන හැම දරුණු නියෝගයකටම කීකරු වෙන්න මායාට සිද්ධ වෙනවා.
මේක නිකන්ම නිකන් දිවීමක් නෙවෙයි, තත්පරයෙන් තත්පරය මාරම විදිහට ගැස්සෙන, පිස්සු හැදෙන ගේම් එකක්. තමන්ගේ දරුවා බේරගන්න අම්මා කෙනෙක්ට කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා මේකෙන් බලාගන්න පුළුවන්. කාගෙවත් උදව්වක් නැතුව, කාවවත් විශ්වාස කරන්නේ නැතුව මායාට මේ මාරක දිවීම ඉවර කරන්න පුළුවන් වෙයිද? පුතාව බේරගන්න ලැබෙයිද? අනිවාරෙන් දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා මේ පට්ට ත්රිලර් එක බලලම හොයාගන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















