CineVibes
Initializing Experience...
Initializing Experience...



බිරිඳ නැති වුණාට පස්සේ තමන්ගේ පණ වගේ ඉන්න පුංචි පුතාව බලාගන්න තාත්තා කෙනෙක්ගේ ලෝකයම කඩන් වැටෙන්නේ හිටිහැටියේම මේ පොඩි එකා නැතිවෙලා ගියාට පස්සේ. කිසිම හෝඩුවාවක් නැතුව පුතා නැති වුණාම පිස්සු හැදෙන මේ තාත්තා, උදව් ඉල්ලන් යන්නේ කාලෙකින් මූණවත් බලලා නැති තමන්ගේම තාත්තා ගාවට. ඒ තාත්තා නිකම්ම කෙනෙක් නෙවෙයි, කලින් වැඩ කරපු පට්ට දක්ෂ රිටයර්ඩ් ඩිටෙක්ටිව් කෙනෙක්.
වැඩේ තවත් හොල්මන් වෙන්නේ මේ සිද්ධිය පිටිපස්සේ ඉන්නේ කලින් මුළු රටම හොල්ලපු දරුණු සීරියල් කිලර් කෙනෙක් කියලා දැනගත්තමයි. හැබැයි පුදුමේ කියන්නේ, ඒ සීරියල් කිලර්ව අල්ලලා හිරේට යැව්වෙත් මේ ඩිටෙක්ටිව් සීයම තමයි. එතකොට දැන් හිරේ ඉන්න මිනී මරන්නෙක් කොහොමද ආයෙත් මේ වගේ දෙයක් කරන්නේ? නැත්නම් මේක පිටිපස්සේ ඊට වඩා භයානක කෙනෙක් ඉන්නවද? අන්තිමට මේ පුංචි පුතාව බේරගන්න මුළු පවුලටම පුළුවන් වෙයිද? මේ සුපිරි සස්පෙන්ස් ත්රිලර් එක අනිවාරෙන්ම බලලම සෙට් වෙන්න මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















