CineVibes
Initializing Experience...
Initializing Experience...



හැමෝම ගරු කරන, අහිංසක පූජකවරයෙක් දරුණු වෛරස් එකකට බෙහෙතක් හොයන්න තමන්ගේ ඇඟෙන්ම පරීක්ෂණයක් කරන්න ඉඩ දෙනවා. හැබැයි වැඩේ වැරදිලා මිනිහා මැරෙනවා. හැබැයි එතනින් සේරම ඉවර වෙන්නේ නැහැ මචංලා! අද්භූත විදිහට ලැබෙන ලේ පාරවිලයනයක් හින්දා මිනිහා ආයෙමත් පණ ඇරන් නැගිටිනවා. හැබැයි නැගිටින්නේ සාමාන්‍ය මනුස්සයෙක් විදිහට නෙවෙයි, ලේ පිපාසිත වැම්පයර් කෙනෙක් විදිහටයි. තමන්ගේ ආගමික විශ්වාසයයි, ඇඟ ඇතුළෙන් මතු වෙන ලේ පිපාසයයි අතරේ මිනිහා අන්ත අසරණ වෙනවා.
මේ පිස්සු හැදෙන ප්‍රශ්න අස්සේ මිනිහට තමන්ගේ පොඩි කාලේ යාළුවෙක්ගේ ලස්සන බිරිඳ ගැන අමුතුම ආශාවක් ඇති වෙන්න ගන්නවා. එක පැත්තකින් වැම්පයර් කෙනෙක් විදිහට ලේ බොන්න තියෙන පෙරේතකම, අනිත් පැත්තෙන් යාළුවගේ නෝනා කෙරෙහි ඇති වෙන මේ තහනම් ආකර්ෂණය මැද මිනිහා දරුණු විදිහට හිරවෙනවා. මේ අමුතුම පූජකයා තමන්ගේ ආත්මය බේරගන්න මොන වගේ සෙල්ලමක් දායිද? එයාට මේ ලේ පිපාසයෙන් බේරෙන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















