CineVibes
Initializing Experience...
Initializing Experience...



සංජේ විශ්වනාත් කියන්නේ පිස්තෝල සෙල්ලමෙන් මුළු රටම හොල්ලපු, සල්ලිවලින් සෙල්ලම් කරන අවුරුදු හතළිස් ගාණක සුපිරි ඩයල් එකක්. හැමෝම එයාට වඳින්න නැති ටික විතරයි. හැබැයි මෙයාගේ මේ සෙල්ලම් ඔක්කොම සිරා වෙලා, මුළු ජීවිතේම උඩුයටිකුරු වෙලා යන්නේ මැඩී කියන අවුරුදු විසි ගාණක කෙල්ලව හම්බුණාට පස්සේ. මේ දෙන්නා මැච් වෙන්නේ නැතිම, හැබැයි ඈත් කරන්නත් බැරිම අමුතුම බැඳීමක පැටලෙනවා.
වයස් පරතරය විතරක් නෙවෙයි, මේ දෙන්නා අතර තියෙන අමුතුම ගේම් එක නිසා සංජේගේ මුළු ලෝකෙම විනාශ වෙලා යන සයිස් එකේ ප්රශ්න වැලක් පිටින් කඩාගෙන වැටෙන්න ගන්නවා. තමන්ගේ නමයි, සල්ලියි බේරගන්න සංජේට මේ කෙල්ලත් එක්ක මොන වගේ සෙල්ලමක් කරන්න වෙයිද? මේ අමුතු බැඳීම කෙළවර වෙන්නේ කොහෙන්ද? මේ දෙන්නට මේ අවුල් ජාලාවෙන් බේරෙන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















